ගස් පෙළක්...
ගල් බංකුවක්...
ගලේ ලියැවුණු මතකයක්
මකා දැමුමට රිසි වුණත්,
ඒ,
ගලක ලියැවුණු මතකයක්...
සුළඟට සැලෙන මලකට
ළංව ගයනා බඹරුට
කියයි මල හෙමිහිට
"සැළුණෙ ගැයුමට නොවේ,
සුළඟට..."
අරුණු අහසේ තවම හිනැහෙන
පුංචි තරුවක් පෙනෙනවා
තව ටිකයි හිරු නැගී එන්නට
සැඟව යන්නට හදනවා
ඉරේ රැස් මැද හැංගි හැංගී
නුඹ ඉන්න බව දන්නවා
පෝය හඳ ළඟ ඉරට රහසින්
රැයේ වුන් හැටි මැවෙනවා
රැයට තුරුළුව ඉන්නවා...
දහවලේ
යළි මග බලනවා ...