සිතුවිලි නවාතැන
හතර අත විසිරෙන හිතුවිලි එකතු වෙන ගිමන්හල
Saturday, November 6, 2010
තණග පිණි බිඳු
වැනිවු පණ ළඟ
කුමට මේ හැටි නාඩගං
ගොනා පසුපස
කරත්තය බඳු
තවත් දිගුවෙන සසර මං
දිවිය වෙහෙසයි
දිවිය කටුකයි
කුමට බැදෙමිද එහිම දැං
රැගෙන යන්නට
කිසිත් මට නැහැ
කමක් නැහැ හෙට මළත් මං...
සඳක් කුමට...
ඉඳහිට දිනෙක පායන
පුන්සඳක් වෙතී
සොමි රැස් මිටක් දී
ඉහළින් දිලුම් දෙතී
දෝතට වඩින තුරු
පෙර මග බැලුව ඇතී
සඳක් කුමට මා ළඟ
තරු බොහෝ වෙතී...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)