අතරමැදකින් ඇරඹුණේ යැයි
සිතට සිතුවිලි නිතර කීවට,
"අතරමැදකින් නවතිනුද ඇති"
සිතක් හෙමිහිට හොරෙන් හැඬුවට,
හිතම වටකර බැන්ද ගැටපද
තෝරගන්නට බැරුව හිටියට,
මතක අමතක කරනු රිසිවුණු
කවිපදත් ඉඳහිටක ලිව්වට...,
නියම, නිවැරදි තැනෙක ඇරඹුණ
නතරවෙන දින, තැනක් නොපෙනෙන
මතක අමතක නොවනු රිසිවෙන
මෙමම් තේරූ පදය නුඹ වෙන...