සිතුවිලි නවාතැන
හතර අත විසිරෙන හිතුවිලි එකතු වෙන ගිමන්හල
Wednesday, July 7, 2010
සිහගිරි ලියක්මි...
සිහගිරි බිතට වී
ඇලී ගැලී නොසැලී
කොඳ කැකුළු අත දරන්
හිඳිමි නෙතු බිම බලන්
හිමි,ඔබ යළි එතැයි
සිත රැඳුණු විස්වසින්...
දනෝ ගිර සපැමිණෙන
සොඳුරු ගී පද බඳින
ඇසුණු නෑසුණු ලෙසින්
හිඳිමි දෙසවන වසන්
හිමි,ඔබ යළි එතැයි
සිත රැඳුණු විස්වසින්...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)