Tuesday, December 14, 2010
Tuesday, December 7, 2010
Thursday, November 25, 2010
ලජ්ජාලතා...
නොලද පහසක් ලබන විට ඈ
විළිබරව පත් හැකිළයන්නී
යළිඳු හෙමිහිට දිගැර එකිනෙක
සිහිල් සුළඟක් හා බැඳෙන්නී
"නොහැකිළෙම් මම් සුපුල්වෙම් දැන්"
තදින් සිත් ගෙන මග බලන්නී
නමුදු යළි යළි ලබන පහසක
විළිබරව ඈ හැකිළයන්නී...
සුපුල් වන්නී
මග බලන්නී
යළි යළිත් ඈ
හැකිළයන්නී...
Sunday, November 14, 2010
වියමන...
සිතේ දුක කෙඳිති කර
සෙමින් එළියට අදිමි...
බිඳෙන පාටැති හීන
කඳුළු ගෙන දිය කරමි...
දුක් කෙඳිති ගෙන,සිහින
දියෙහි ලා පඬු පොවමි...
පැහැ වැටුණු දුක් කෙඳිති
සෙමින් වියමන් කරමි...
ගෙතෙන දුක් වියමනෙහි
සොඳුරු බව මම විඳිමි...
මට අහිමි,නුඹට හිමි
සිනහවක් මුව අඳිමි...
Saturday, November 6, 2010
සඳක් කුමට...
ඉඳහිට දිනෙක පායන
පුන්සඳක් වෙතී
සොමි රැස් මිටක් දී
ඉහළින් දිලුම් දෙතී
දෝතට වඩින තුරු
පෙර මග බැලුව ඇතී
සඳක් කුමට මා ළඟ
තරු බොහෝ වෙතී...
Wednesday, October 27, 2010
Wednesday, October 20, 2010
සමුගත් මිතුරු නමට...
සුමිතුර කලෙක නුඹ අප හා සිතින් බැඳී
හිඳි ඒ දවස් තාමත් මට මතක ඇතී
විහිදුණු හතර අත මං වල ඇවිද අපී
වෙන්වී ගියත් මිතුදම විය සිතේ නිතී...
නුඹ තනි මගෙක කතරක ගිය ගමන රළු
වැටි වැටි නැගිට ගිය මාවත ගල් බොරළු
සඳ නැති අමාවක දවසක කළුම කළු
වැටුණේ නුඹ,
තවත් නොනැගෙන්නටමයි යහළු...
ජීවන මගේ අපමණ දුක් එමට ඇතී
ඒ දුක් අතර නුඹෙ නමටත් දුකක් වුණී
සොහොයුර නුඹට දිවියේ සැප අහිමි වුණී
නොසිතමි,නුඹත් දුක් ගඟකින් එතෙර වුණී...
Monday, October 11, 2010
Sunday, September 26, 2010
නික්මෙමි...
නුඹ සුළඟ
දස දිගට
හමා යන හැමදාම...
මම
ළදල්ලක් පමණ
හමන හැම අත සැලෙන...
සැලි සැලී
ලෙළ දිදී
හිඳිනු බැරි හැමදාම...
තුරු අගින්
ගිලිහුණෙමි
නුඹ නොදන්නේ තවම...
Friday, September 17, 2010
(අ)මතක
අමතක කරනු රිසි වුණු
මතකයන් හැම මැලවුණු
එකතු කර ,ඇති විසිරුණු
දමමි ගින්නට
ඉතින් මියැදෙනු...
ගිනිදැලින් වටවුණු
මතකය නැතිය මියැදෙනු
දිගුකරන් සරදමෙහි රතු දිව
බලන්
මතකය මටම හිනැහෙනු...
Thursday, September 2, 2010
නුඹ නමින්...
පන්හිඳක තුඩු අගින්
හිස්ව ගිය පිටු පුරා
නුඹ නමින් මං ලියන
එකදු ගීතයක් නැති...
සොඳුරු සිතුවිලි මතින්
පිරුණු හදවත පුරා
නුඹ නමින් මං ලියන
එකම ගීතයක් ඇති...
Sunday, August 29, 2010
නිවන නම්....
සර සරය සැලෙන
බෝ කොළයෙක
ගත පිස හමන
මුදු සුළඟෙක
සිසිල් සුව දෙවන
සඳ කිරණෙක
වුණිමි මම
හිඳ මහා බෝ මළුවෙක...
සිහින් සරයෙන් ගැයෙන
බැති ගීත හඬක් ළඟ
මම වුණිමි මොහොතකට
නෙතු පියන් වසාගෙන
හිතට ආ සිතුවිල්ල,සැනසිල්ල
එ වූ එක් ඇසිල්ලෙක
නිවන නම් මේවැනිය,
සිතුණි මට,මගෙ සිතට...
Saturday, August 14, 2010
මම මලක් වෙමි හිරුට පෙම් බැඳි...
හිරු රැසින් මා
තැවෙනමුදු නිති
මම මලක් වෙමි
හිරුට පෙම් බැඳි...
සඳුට පිදෙනා
හිරුගෙ පෙම ලැදි
අමාවක දා
මගේ කරගමි...
Sunday, August 1, 2010
මලක් වෙමි මම තුරු පතක් වෙමි...
දිනක ආයු ඇති මලක් වූවෙමි
හමන සුළඟට සුවඳ පුද දෙමි
නැගෙන අරුණෙක ඉතින් මියැදෙමි
සුළඟ ළඟ මා සුවඳ නවතමි
සුළඟෙ සෙළවෙන තුරු පතක් වෙමි
හමන සුළඟට සරය පුද දෙමි
නැගෙන අරුණෙක ඉතින් ගිලිහෙමි
සුළඟ ළඟ මා සරය නවතමි
Monday, July 26, 2010
සමනළ සහ මල
වෙතට සපැමිණි මනමාල සමනළ
ගැයූ පෙම් ගී මලට මන ලොළ
මියුරු මතකෙක වෙන්ව ගිය කල...,
මල තැවුල් නොගන්නී
මතක සිහිනෙක රැදෙන්නී
සුපිපි වුවනත යොමන්නී
ළඟ එතැයිදෝ සිතන්නී
තවම
ඈ මග බලන්නී...
Sunday, July 18, 2010
මලෙක මතක...
"පුල හෙල කුසුම ගෙල දිගු කොට බලන
මිතුරු විලස එන මද නල හා සැලෙන
නොදකින නැගෙන නල රළ බලයෙහි තරම
දිදුල මලෙහි පෙති ගිලිහෙද සැක සිතිණ..."
"මලෙක දිනෙක පෙති ගිලිහෙන බව දනිමී
නමුදු මද නලේ තුරුලේ හිඳ සැලෙමී
නැගෙන නලෙහි රළ බලයට නොබියවෙමී
ගිලිහෙන පතෙහි බැඳි මතකය හා රැදෙමී..."
Thursday, July 15, 2010
හිත මිතුරු සුළඟ....
හුදකලාවේ යනෙද්දී
තනි මකන මා ළඟ රැදෙන,
නිදිබරව නෙතු පිය වැසෙද්දී
සිහින් සරයක් ඇද ගෙනෙන,
විඩාබර වත මැලව යද්දී
සිසිල බිදකින් වුවන පිසලන,
නුඹ වැනිම වූ
තවත් මිතුරෙකු
ඇතිද මේ ලොව
වෙන කිසිම තැන...
විදාගමි මා
විදාගමි දෑත්
වැළද ගමි මා
නුඹව සුමිතුර...
Sunday, July 11, 2010
නන්නාඳුනන්නී...
නෙත් පහර විදින්නී
කෝල ලෙස බලන්නී
නෙක රැගුම් රගන්නී
සිනා වත මවන්නී...
හෙටක් ගැන නොදන්නී
අද දවස ගෙවන්නී
වත මැලව යන දිනේ
සිතෙන් මග හරින්නී...
දනන් දොස් දරන්නී
සිතේ කිළුටක් නොගන්නී
මුහුනු වත්සුණු උලන්නී
හෙටත් මග බලන්නී...
ඈ
නන්නාඳුනන්නී...
Friday, July 9, 2010
සියක් පෙති හෙමි හෙමින් ඉස්සී වැළඳ ගති ආදරෙන් හිමි සඳ...
සියක් සියපත් පිබිද
සබඳ බිඟු හිමි සඳට පෙම් බැඳ
මෝදු වන විට සරා සඳ
වෙන්ව යනු දෙනු ඉතින් කෙලෙසද...?
සැදෑ පිනි කදුළු පෙති සිඹින සඳ
වියෝ දුක හදවත නැගෙන සඳ
සියක් පෙති හෙමි හෙමින් ඉස්සී
වැළඳ ගති ආදරෙන් හිමි සඳ...
Thursday, July 8, 2010
Wednesday, July 7, 2010
සිහගිරි ලියක්මි...
Monday, July 5, 2010
අද පිරුණු සඳැති රාත්රියයි...
Sunday, July 4, 2010
නිහඬ ගීයක් ගයන්නී...
අබලන් සඳක්...අබලන් හදක්...
Subscribe to:
Comments (Atom)

























