Sunday, April 17, 2011

නුඹ, මගේ පළමු තැන....

ජීවත් වුණත්
මිය ගියත්
ඔව්,
නුඹ වාසනාවන්ත මැස්සෙක්,
ෆීලීස් / ආතර්,
හඳුනගත් දා පටන්
නුඹ,
මගේ පළමු තැන.

අපූ,
නුඹත්
මේ පෙළෙහි මුලටම.
දුර්ගා...
ලීලා...
අපර්ණා...
සෙනෙහෙ සිත්
සැමෙකක්ම
නුඹෙන් සමුගත් කලෙක
පුංචි කාජල් තබා කොහෙවත්
ලෝ වටා ඇවිදිනවාද නුඹ තාමත්...?

හොහොල්,
නුඹ,
නිතර සිනාවක් ළඟ,
රිදෙන මව් සිත් සනසමින්.
රළු පරළු විප්ලවය ළඟ
සිනහවක් කොහොම මුව ඇදුනාද...?
ප්‍රියය,
නුඹ පෙන්නූ තරමටම
බර නැතුවාද විප්ලවය...?

අරවින්ද,
නුඹත්
මෙහි මුල් තැනෙක.
නුඹට,
නුඹෙ නමට,
සියල්ලටමත් වැඩියෙන්
නුඹේ ඔය විරාගෙට
හිත ගිහින් මගෙ
දැන් හුඟක් කල්.

කැමති අය තව මහ ගොඩක්.

ඒත්
මං අකමැතිම
දෙවෙන්දොරා සං,
නුඹට.
නුඹ පලා ගියා වුව
නොරිකො තව මෙහෙ තනිව.
මළවුන්ගෙ අවුරුද්ද
එනතුරා කල් මරන
නොරිකො තව මෙහෙ තනිව.

මං අකමැතිම ඒකට.

No comments:

Post a Comment