Monday, April 11, 2011

කල් දැමූ අවුරුද්ද...

               දිදුල රතැති එරබදු මල් බරව ඇතී
               කොවුල් කොහෝ කූජන නද අවට වෙතී
               මලින් පලින් බර කාලය පැමිණ ඇතී
               බලව සබඳ අවුරුදු ළඟ ළඟම එතී...

               එන්න කුමර අවුරුදු අප ගම් පැත්තේ
               යන්න සොඳුරු ගම් වැසියන්ගේ වත්තේ
               එන්න නම් එපා අපගේ ගේ දොර පැත්තේ
               දෙන්න අසිරි විත් හෙමිහිට පිට පැත්තේ...

               දුන්නේ ඇඳුරින්ද වැඩ තොග හිස අස්සේ
               "එන්නේ අවුරුද්ද" හිතුවොත් නම් මං පස්සේ
               ඇන්දේ අලුත් දින දසුනක් මට නිස්සේ
               එන්නේ අවුරුද්ද දැන් මාසයකට පස්සේ... 

No comments:

Post a Comment